කොල්කාටා පිලට කඩුලූ 6 ක ජයක්


අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දිල්ලි හිදී (7 වැනිද) පැවැති තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් කි‍්‍රඩකයෝ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලූ 6 ක ජයක් ලැබුහ. දිල්ලි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන මෙම තරගයේදී ලකුණු 30 කට දැවි ගියේය. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට ලකුණු 153 (ඉර්ෆාන් පතාන් 36, මහේල ජයවර්ධන 30, විරේන්ද්‍ර සෙවැග් 23, ජැක් කාලිස් 20/2)කොල්කාටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 18.4 කදී කඩුලූ 4 ට 154 (බ්‍රෙන්ඩම් මැකලම් 56, ගෞතම් ගාම්බිර් 36, ජැක් කාලිස් 30, යුමිෂ් යාදෙව් 30/2)