කොරෝනා වෛරසය වැළඳුණ චීන කත සිටි හෝටල් පරීක්ෂාවට


(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

නව කොරෝනා වෛරසය වැළඳුණ  චීන ජාතික කාන්තාව රැඳි සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හෝටල් ඇතුළු අනෙකුත් ස්ථාන පිළිබඳව සොයා බැලිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා අද(28) පැවසිය.
 
දැනට අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කර සිටින චීන ජාතික කාන්තාව ගාල්ල කොටුවේ  සහ අහුංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල්වල නැවති සිටි  බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව එම ස්ථාන දැඩි සෝදිසියකට ලක්කරන බවත් එයට අමතරව සැක සහිත රෝගින් ඇතුළත් කිරීම සඳහා කරාපිටිය රෝහලද සූදානම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර චීන ජාතික සංචාරකයින්  දිනපතා නැරඹිමට පැමිණෙන ගාල්ල නගරයේ රබර් කෞතුකාගාරද ඊයේ සිට වසා තිබෙන ආකාරයද දක්නට ලැබිණි.