කොරෝනා වෛරසය පැතිරීම සාර්ස් වසංගතය අභිභවා යයි


ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.

මාස අටක කාලයක් පුරා පැතිරුණු දරුණු ශ්වසන සින්ඩ්‍රෝමයක් වූ සාර්ස් රෝගයෙන් ආසාදිතයක් වාර්තා වී ඇත්තේ 8100කි.

නමුත් නව වෛරසයෙන් චීනයේ පමණක් ආසාදිතයින් 10000 කට ආසන්න සංඛාවක් මේ වනවිට වාර්තා වී තිබේ.

චීනයෙන් පිටත රටවල් 22 ක රෝගීන් 100 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

සාර්ස් රෝගයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 714 ක් වූ අතර කොරෝනා රෝගයෙන් මේ වනවිට පුද්ගලයන් 213ක් මියගොස් ඇතැයි වාර්තා වේ.

හොංකොං විශ්ව විද්‍යාලය පවසන්නේ සත්‍ය සංඛ්‍යාවන් නිල සංඛ්‍යාලේඛන වලට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බවයි.

විශේෂඥයින් පවසන්නේ රෝගය පැතිරීමේ ගණිතමය ආකෘතීන් වලට අනුව වුහාන් නගරයේ පමණක් 75000 කට වැඩි පිරිසක් ආසාධනය වී ඇති බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් වුහාන්හි කොමියුනිස්ට් පක්ෂ නායක මා ගුවෝකියැන්ග් පවසා ඇත්තේ මීට පෙර දැඩි පාලන ක්‍රියාමාර්ග අනුගමනය කළේ නම් ප්‍රථිපලය වඩා හොඳ වනු ඇති බවයි. 

(බීබීසී පුවත් ඇසුරිණි - 085)