අජන්ත කුමාර අගලකඩ
කොරෝනා ව්‍යාප්තිය වළක්වමින් ඉදිරියේදී පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46ක් සදහා වෙන වෙනම උපදෙස් මාලාවක් නිකුත් කර තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.
කුලී රථ, ත්‍රීරෝද රථ, බයිසිකල් පැදීම, ඇවිදීමේ මං තීරු භාවිත කිරීම, සම්මන්ත්රණ වැඩමුළු, උපකාරක පන්ති, ප්‍රසිද්ධ රැස්වීම්, පුද්ගලික සෞඛ්‍ය සායන, ආරක්ෂක නිලධාරීන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ කරන ශිල්පීන්,රාජ්‍ය හා පෞද්ගලික වාහන රථගාල්, සන්නිවේදන / ඉලෙක්ට්‍රොනික් සාප්පු, මත්පැන් හා දුම්කොළ අලෙවි කරන ස්ථාන, ළමා දිවාසුරකුම් මධ්‍යස්ථාන සහ පෙරපාසල්, වැඩිහිටි රැකවරණ නිවාස, බන්ධනාගාර, හෝටල් පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ආගමික ස්ථාන, උද්‍යාන (ළමා/පොදු) පවුලේ අය සහ මිතුරන් බැලීමට යාම, පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය, ගෘහස්ථ ක්‍රීඩාංගන, ක්‍රීඩා පුහුණුවීම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, බැංකු, කාර්යාල (රජයේ හා පුද්ගලික), විශාල හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉදිකිරීමේ ස්ථාන, ගරාජය, සාප්පු (සාමාන්‍ය) සුපිරි වෙළදසල්, සිල්ලරබඩු, කුඩා කඩ, අවන්හල්, රජයේ අමාතයාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ ආයතන, රෙදිපිළි සාප්පු, විවෘත වෙළදසල්, පොළ වීදි, වෙළෙන්දන්, පොදු බස්රථ භාවිතය දුම්රිය භාවිතය, බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර, තැපැල් සේවය, ජංගම ආහාර වෙළෙන්දන්, බේකරි නිෂ්පාදන අලවිය, මැනුම් කරුවන් සහ සංචාරක කර්මාන්ත, හෝටල් හා පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් සම්බන්ධයෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත.

