කොරෝනා වයිරසය සම්පූර්ණයෙන් තුරන් කළ බව ෆිජී දේශය කියයි


ෆීජි දේශයේ කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ බව ඒරට බලධාරීහු අද (05) නිවේදනය කළේය.

දිවයිනේ අවසන් ආසාදිතයාට ද ප්‍රථිකාර කර අවසන් බවත් වයිරසයට ඒරෙහිව සාර්ථකත්වය පිළිබඳ විශිෂ්ට වාර්තාවක් අඛණ්ඩව පවත්වාගෙන ගිය බවත් ඔවුහු පවසති.

මාර්තු මස මැද භාගයේ දී පළමු කොවිඩ් රෝගියා වාර්තා වීමෙන් පසු ෆීජි හි දැඩි හුදකලා කිරීමේ ක්‍රියාමාර්ග සහ දේශසීමා පාලන පනවනු ලැබීය.
 
ඒ් හේතුවෙන් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 18කට සීමා කිරීමට ෆීජි සමත් විය. මරණ කිසිවක් සිදු නොවුණි.
 
ෆීජි හි අවසන් රෝගියා වාර්තා වී මේ වනවිට දින 45ක් ගතවී තිබේ.
 
ෆීජි අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමාරාම රටේ තත්ත්වය පැහැදිලි කරමින් මෙසේ පැවසීය, " ෆීජි හි කොවිඩ් - 19 අවසන් රෝගියාත් සුවය ලබා ඇත.
 
 ඒය වෙහෙස මහන්සි වී වැඩ කිරීම හා විද්‍යානුකූලව කටයුතු කිරීමේ ප්‍රථිඵලයකි.
 
කිසිදු මරණයක් වාර්තා නොවූූ අතර සුව වීමේ අනුපාතය සියයට සීයයක් විය."
කෙසේ වුවද දෙවන ආසාදන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙතෙක් අනුමනය කළ සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යා යුතු බවට රජය විසින් ජනතාවට අවධාරණය කර ඇත.

කොරෝනා හේතුවෙන් කඩාවැටුණු ෆීජි හිි සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග නිරෝධායන ක්‍රියාවලියක් රහිත සංචාරක ව්‍ය්පෘතියකට දැනටමත් ඒකඟ වී ඇතැයි ෆීජි බලධාරීහු පවසති.
 
(ඒ්ඒෆ්පී ඇසුරිණි - 085)