
කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් අතුරින් 48 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් අද (1 වැනිදා) පිටත්ව ගියහ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 දක්වා අඩුවී තිබේ.
විදේශිකයන් මෙන්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අයද ඇතුළත්ව ජූලි 31 වැනිදා (ඊයේ) සවස වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබූ කොරෝනා රෝගීන් සම්පූර්ණ සංඛ්‍යාව 2815. එහෙත් ඔවුන්ගෙන් රෝගීහු 2439 දෙනෙක් සුවය ලැබූහ.
ඊයේ සිට අද පස්වරු 2.00 වන විටත් අලුතින් රෝගීන් එක්ව නොතිබිණ



