කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට


(ඔගස්ටින් ප්‍රනාන්දු) 
                       
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට අද ( 12 ) දහවල් පැමිණ සිටි යුවළකට කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල මහරෝහලට යැවීමට පියවර ගත් බව  රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය .
 
මෙම දෙදෙනා ආරච්චිකට්ටුව අඩිප්පල වෙහෙරකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් හා 25ක් වන සහෝදරයෙක් සහ සහෝදරයෙකි .
 
ඔවුන් ඉතාලියේ හා ඩුබායි  රටේ සේවයට ගොස් මෑතක දි ශ්‍රී ලංකාවට පැමිණි බවත්  හදිසියේම දෙදෙනා රෝගාතුරවීම නිසා ඔවුන් අද ( 12 දා ) දහවල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවත්  ඇති වූ සැකයක් මත ඔවුන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිම සඳහා  රඳවා  ගන;ත් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට සුදානම් කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන්කළේය.