
කොරෝනා ආසාදිත තවත් රෝගීන් සිවුදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (30) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 199 දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 70 ක කාන්තාවක් සහ අවුරුදු 72, 50 සහ 66 යන වයස් කාණ්ඩවල පසුවූ පිරිමි පුද්ගලයන් තිදෙනකු මියගිය අය අතර වෙති.


