(ඩයනා උදයංගනී)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක කාලයේදී රටට ලැබුණු සියලු ණය හා ආධාර පිළිබඳ සියලු විස්තර ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ ආකාරයට මාර්තු, අප්‍රේල්, මැයි මාසවල විදේශීය රටවල්, රාජ්‍ය , ආයතන, පුද්ගලයින්ගෙන් ලැබුණු මූල්‍ය ආධාර, රාජ්‍ය ණය, ප්‍රදාන, උපකරණ ණය, සෞඛ්‍ය සේවා සැපයුම් යනාදිය පිළිබඳ සියලු විස්තර එහි ඇතුළත්ව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එම වාර්තාව ද මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමිනි.
එය මාධ්‍ය වෙත ලබාදීමට තමන් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, රතු කුරුස සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධාන ඇතුළු වෙනත් සංවිධානවලින් මෙන්ම මහජන චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, මැලේෂියාව වැනි රටවලින් ලැබුණු ද්‍රව්‍ය හා මූල්‍ය ආධාරත් එහි ඇතුළත් බව කී අමාත්‍යවරයා විපක්‍ෂය කියන අයුරින් උතුරා යන ආධාර ප්‍රමාණයක් රටට ලැබී නැතැයි ද ප්‍රකාශ කළේය.
ලෝක බැංකුවෙන් ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 128 ක් පමණක් බව ද අමාත්‍යවරයා කීවේය.
මෙයින් එක් ඩොලරයක් හෝ ගසාකෑමේ අවශ්‍යතාවක් රජයට නැති බව කී ඇමැතිවරයා රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය විනිවිද පෙනෙන ආකාරයෙන් හැසිරවීම බව ද ප්‍රකාශ කළේය.
වගකිව යුතු රජයක් ලෙස එම ආධාර යොදවන්නේ ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් පමණක් බව ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

