කොරෝනා නීති කැඩූ බස් 80ක බලපත්‍ර නතර කරයි


(යොහාන් භාසුර)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ 80 ක මාර්ග බලපත්‍ර අත්හිටු වූ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම අද (06 වැනිදා) පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශ නිර්දේශ කරන පියවර යටතේ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පොදු ප්‍රවාහන බස් රථ ධාවනය කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යංශය විසින් පියවර තුනක් ඉදිරිපත් කළ බවත් පළමු පියවර ලෙස ආසන ගණනට පමනක් මගීන් ගෙන යාමත් දෙවන පියවර ලෙස ආසන ගණනින් සියයට 75 ක් පමණක් ප්‍රවාහනය කීරිමත් තෙවන පියවර ලෙස ආසන ගණනින් සියයට 50 ක් පමණක් ප්‍රවාහනය අමාත්‍යංශය යෝජනා කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.