නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්‍රකාශ කළේය.
රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණක් ලෙස එම පියවර ගෙන තිබේ.
‘‘දරුවන්ගේ සහ අනෙකුත් සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සළකා බලා පාසල් වසා දැමීමට ආණ්ඩුව එම තීරණය ගත්තා’’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා කීවේය.
‘‘ඒ නිසා ප්‍රාථමික, කණිෂ්ට ඉහළ සහ උසස් පාසල් සියල්ල වසා දමන්නැයි අපි ඉල්ලීමක් කරනවා. මාර්තු 2 වැනිදා සිට වසන්ත කාලයේ නිවාඩුව තෙක් පාසල් තාවකාලිකව වසා දමන්න’’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ඒ.එෆ්.පී.
(055)

