කොරෝනා අසාදිතයින් ගණන 1946 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1946 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 514 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1421 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.