කොරෝනා, සාර්ස් වාර්තා පරදයි- මිය ගිය පිරිස 900 දක්වා ඉහළට


2003 වසරේදී සාර්ස් වයිරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාවට වඩා කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.

සාර්ස් හේතුවෙන් මරණ 774ක් වාර්තා වී තිබූ අතර සඳුදා(10) වන විට කොරෝනා වයිරසයෙන් වූ මරණ සංඛ්‍යාව 900ක් ව තිබේ.

ආසාධිත පුද්ගලයන් සංඛ්‍යාව 39,800ක් වන අතර, සාර්ස් ව්‍යාප්ත වූ පුද්ගලයන් සංඛ්‍යාව 8,100කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ චීනය සම්බන්ධයෙන් ගෝලීය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

(ඒඑෆ් පී ඇසුරිනි)