විනීතා එම් ගමගේ
කොරියාවේ රැකියා සඳහා ගොස් රැකියා කාලය අවසන් වූ පසු නීතිවිරෝධී අයුරින් තවමත් එහි රැදී සිටින අය වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මේ වනවිට දහසකට අධික පිරිසක් වෙනුවෙන් ඔවුන්ට ඇප අස්සන් කළ රජයේ සේවකයා සහ පවුලේ ඥාතීයාට එන්තරවාසි යවා ඇතැයි කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඩී ඩී පී සේනානායක මහතා ප‍්‍රකාශ කළේය.
කොරියාවේ රැකියාව සඳහා යාමට ඇප අස්සන් කරනු ලැබූ තැනැත්තා මේ වනවිට එරට සැඟවී සිටින බැවින් ඔහු වහාම මෙරටට ගෙන්වන ලෙසත් එසේ ගෙන්වුවහොත් කිසිදු දඬුවමකින් තොරව කටයුතු කළ හැකි බවත් නොඑසේ නම් අස්සන් කරනු ලැබූ ඇපය පරිදි රුපියල් පහලොස් ලක්ෂය ගෙවන ලෙසත් දන්වා යවා ඇතැයි සේනානායක මහතා කීය.
එසේ ගෙන්වා දිය නොහැකි වන සහ ඇප මුදල ගෙවිය නොහැකි වන අයට නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ලිපි ගොනු යැවීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් එරට නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ කාර්යංශය වෙතට ගොස් යළි පැමිණි බව තහවුරු කළ හොත් කිසිදු දඬුවමකට යටත් නොවන නමුත් යළි කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව නොලැබෙන බව ද සේනානායක මහතා කියා සිටියේය.
සේනානායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

