(ඩී.කේ.රත්න)
ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 244 දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා අද (12) දියතලාව යුද හමුදා කඳවුරට සහ දියතලාව කහගොල්ල පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබීමට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.
පුද්ගලයින් 244 දෙනා නිරෝධායනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුළේ සිට විශේෂ බස්රථවලින් රැගෙනවිත් මෙම කඳවුරු දෙකට ඇතුළත් කර ඇත
මෙම පුද්ගලයින් අතර කොරියන් ජාතිකයින් පස් දෙනෙකු සහ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු සිටින බව පොලිසිය පැවසීය.
මෙම පිරිස දින 14 ක නිරෝධායන කටයුතු සඳහා මෙම කඳවුරු දෙකට රැගෙනවිත් ඇති බව පොලිසිය කීය.

