දකුණු කොරියාවේ රැඳී සිටිමේ කාලය දීර්ඝ කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකා, නේපාල හා බුරුම ජාතිකයෝ 21 දෙනෙක් පිටුවහල් කිරීමේ නියෝගයට එරෙහිව සරණාගතයන් ලෙස ඇපෑලක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍යය කියයි.
එම ඇපෑල ඉදිරිපත් කළ පසු වසරක් දෙකක් එරට රැඳී සිටීමට ඉඩකඩ ලැබේ.
මෙම නීතියෙන් බොහෝ දෙනෙකු අයුතු ප්‍රයෝජන ගන්නා බව කොරියා රජය කියයි.
1997 දී 12 දෙනකු සරණාගත තත්ත්වය පැතූ අතර 2004 දී සියයක් ද, 2011 දී දහසක් ද සරණාගත තත්ත්වය පතා ඇත.
මෙසේ සරණාගත තත්ත්වය පතන බොහෝ දෙනා කියනුයේ සරණාගත තත්ත්වය ප්‍රතික්ෂේප වූ අවස්ථාවන්හිදී උසාවි නොයන බවයි.
ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වනුයේ ඒ වන විට ඕනෑතරම් මුදල් උපයාගෙන ඇති නිසා පිටුවහල් කිරීමට එකඟ වන බවයි.

