කොරියා භාෂා ප‍්‍රවේශ පත‍්‍ර සඳුදා සිට


කොරියා භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රවේශපත‍්‍ර සඳුදා  (20) සිට ලබන 24දා තෙක් මධ්‍යස්ථාන 24කදී නිකුත් කරන බව විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි හරිස්චන්ද්‍ර බටගොඩ මහතා කියයි. කොළඹ දිස්ත‍්‍රික්කයේ මධ්‍යස්ථාන හයකදී  25 වැනිදා තෙක් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කෙරේ. මෙවර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරනුයේ විදේශ ගමන් බලපත් ඇති අයට පමණි.