කොරනර් රිමාන්ඩ්


බාල වයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක උඩුදුම්බර අබේසිංහ බණ්ඩා, මැයි මස 30 වැනි දින තෙක්, තෙල්දෙණිය මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා විසින් බන්ධනාගාර ගත කරනු ලැබීය. උඩුදුම්බර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සමන්ත පෙරේරා මහතා  සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙළේය.