ඉන්දිකා රාමනායක
ජාතික පොලිස් කොමිසමෙන් ලබාදෙන නිර්දේශ හා කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසමින් ජාතික පොලිස් කොමිසම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමුකළ බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග කියයි.
කිලිනොච්චි කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට ලබාදුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරය කි‍්‍රයාත්මක නොකිරීම” දේශපාලන පලිගැනීම් සිටින විවිධ තරාතිරම් වලට අයත් නිලධාරීන් 129 දෙනා සම්බන්ධයෙන් උසස්වීම් කි‍්‍රයාත්මක නොකිරීම, නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් නොකිරීම, පොලිස් සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කිරීමේ නිර්දේශ කි‍්‍රයාත්මක නොකිරීම ඇතුළු කරුණු හයක් සම්බන්ධයෙන් කොමිසම මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවද පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික පොලිස් කොමිසම ඉකුත් සතියේ මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකළ බවත් පොලිස්පතිවරයා වහාම එම ලිපිය සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතු බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක් වු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි විශේෂ අනුකමිටුවත් පත්කර පත්කර තිබුණි.
එම කමිටුව විසින් කරුණු සොයා බලා පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීමට ලක් වු බව පැවසෙන පොලිස් නිලධාරීන් 129 දෙනෙකු අවශ්‍ය සහන සලසන ලෙසට නිර්දේශ කර ජාතික පොලිස් කොමිසම වෙත එවා ඇති බවද පොලිස් කොමිසම කියයි.
පොලිස් කොමිසම විසින් එම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකර මාස දෙකකට ආසන්න කාලයක් ගත වුවද මේ වන තෙක් පොලිස්පතිවරයා එම නිර්දේශ කි‍්‍රයාත්මක කර නොමැති බවද කොමිසමේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.