කොදෙව් පිලට ලකුණු 308 ක ඉලක්කයක්


බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත්තේය. කුසල් මෙන්ඩිස් (55) සහ ධනංජය ද සිල්වා (51) අර්ධ ශතක ලබාගත්හ.

පළමු එක්දින තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටී.

වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි