ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්තේය. ලකුණු 197 ක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 19.1 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ ලකුණු 171 ක් පමණි.
සියලුම ආකාරයේ විස්සයි-20 තරග සැලකීමේදී අද සිය 500 වැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කොදෙව් නායක කිරන් පොලාර්ඞ් විස්සයි-20 තරග වලදී සිය 10,000 වැනි ලකුණ ලබාගත්තේ දැවැන්ත හයේ පහරකිනි.


ඡායාරූප - චතුර එස්. කොඩිකාර

