කොදෙව් පිල කඩුලූ 2 ට 241 යි
බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියේය.
මාලන් සැමුවෙල්ස් (නොදැවී 109) සහ ඩැරන් බ්‍රෝවෝ (85) තෙවැනි කඩුල්ල ස`දහා නොබිදුණු ලකුණු 198 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටිති.
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 (නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා 76, අබුල් හසන් 113, ෆිඩෙල් එඞ්වඞ්ස් 90/6, ඩැරන් සැමී 74/3)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 82 කදී කඩුලූ 2 ට 241 (ක‍්‍රිස් ගේල් 25, ඩැරන් බ්‍රෝවෝ නොදැවී 85, මාලන් සැමුවෙල්ස් නොදැවී 109)

