ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය අද හම්බන්තොට, සූරියවැවදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා , ආරක්ෂක ලේකම් බී.එන්.යූ.ඩී.බස්නායක මහතා හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරුන්ද ආරක්ෂක ප්‍රධානීන්ද එම අවස්ථාවට එක්වූහ.
ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, දක්ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් ලාල් ගුණසේකර යන මහත්වරුන්ද එම අවස්ථාවට සහභාගී වූහ.
1981 වසරේදී රත්මලානේ ඇරඹි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් වන දක්ෂිණ මණ්ඩපය වෛද්‍ය, ඉංජිනේරු, නීති, මානව, සමාජ විද්‍යා හා කළමනාකරණ, පරිගණක හා පශ්චාත් උපාධි ඇතුළු පීඨ 9කින් සමන්විතය.
මෙය ඉදිකිරීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද්ධයෙන් බැට කෑ රට බේරාගැනීමට උරදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්වද එම අවස්ථාවේදී ස්තූති පුර්වකව සිහිපත් කළේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
වීඩියෝ- රොමේෂ් ධනුෂ්ක












