කොටුව විරෝධය නියම තැන පමණයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයට කොළඹ කොටුව දුම්රිය පොළේ නිශ්චිත ස්ථානයක සිය උද්ඝෝෂණ කළ හැකි නමුත් දුම්රිය මගීනට හෝ මහජනයාට අවහිර වනසේ උද්ඝෝෂණ කළ නොහැකියැයි කියැවෙන නියෝගයක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මින් මොහොතකට කලින් නියෝග කළේය.
ශිෂ්‍ය බලමණ්ඩලයේ සංජීව බණ්ඩාරට හා භික්ෂු බලමණ්ඩලයේ කිවුල්ඇල්ලේ චන්ද්‍රාලෝක හිමියනට මේ නියෝග පොලිසියෙන් බාරදීමට නියමිතය.
සිසුන් නීතිය කඩ කළහොත් පොලිසියට නිසි පරිදි ක‍්‍රියා කළ හැකි බවද මහේස්ත‍්‍රාත් කීවේය.

