කොටියාට පණ දෙන්න ගිය කතට ඇප


කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ කළැයි සැකපිට අත් අඩංගුවට ගත් බාලචන්ද්‍රන් ජෙයකුමාරි නම් කාන්තාවට කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය රුපියල් දෙලක්ෂයක ශරීර ඇප නියම කළාය.

ගෝපි නම් කොටි සාමාජිකයකුට රැකවරණය දුන්නැයි ඇය අත් අඩංගුවට ගෙන තිබේ. ඇයටද පද්මාවතී මහලිංගම් නම් කතද ඇතුළු තවත් අට දෙනෙක් නීතිපති උපදෙස් මත දැඩි කොන්දේසි සහිත ඇප ලදහ.

ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කැරිණි.