කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි


මීට මාස කිහිපයකට පෙර තන පිට්ටනියක් වූ කිලිනොච්චිය ඉරණමඩු ජලාෂය අද වාන් දැමීය.

වැඩි වතුර පාලනය කිරීම සඳහා එහි දොරටු දහය අඩියකින් එසවූ බව ඉන්ජිනේරුවෝ කියති.

තවත් වැව් වාන්දැමීමෙන් පවුල් 60කට ආසන්න පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යැවූ බව දිසාපතිනි රූපවතී කේතීෂ්වරන් මහත්මිය පැවසුවාය.

කොටි සංවිධානය පැවති සමයේ ඔවුන්ගේ බලකොටුවක් වූ එම ඉරණමඩු තිස් වසරක් තිස්සේම තහනම් කලාපයක් විය.

සබැඳි පුවත්

ඉරණමඩුවත් පිට්ටනියක් වේ