කොටින්ගේ විසි කෝටියක් වළ දාලා?
කොටි සංවිධානයේ වළ දමා තිබූ රුපියල් විසි කොටියක් පමණ මුදලක්ද අවි ආයුධ තොගයක්ද වවුනියාව ආචිපුරම් වැවක් අසල දී ගොඩගැනීමට ගිය පිරිසක්ද එහි නතර කර තිබූ ප‍්‍රාඩෝ රියක්ද පොලිසිය එනු දැක පලා ගිය බව වවුනියාව පොලිසිය කියයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසූයේ මේ ගැන සොයා බලන බවයි.

