කොටි හිරකරුවෝ ජේලර්ලා හිරකරති.
වව්නියාව බන්ධනාගාරයේ කොටි සැකකරුවෝ පිරිසක් එහි ජේලර්වරුන් තිදෙනකු අද සවස බලහත්කාරයෙන් අල්ලාගෙන හිරකරගෙන සිටිති. එහි සිටි කොටි සැකකරුවන් තිදෙනකු බූස්ස සිර කඳවුරට මාරු කිරීමට එරෙහිව විරෝධය පලකරන මේ පිරිස හිරගෙදර ප්‍රධාන දොරටුව ද වසා පොලීසියටවත් එහි ඇත්‍රුඑවීමට ඉඩ නොදෙන බව අද සවස වාර්තාවිය. කොටි රැඳවියන් කියා ඇත්තේ ජේලර් වරයකු සැකකරුවකුට අමානුෂික ලෙස පහරදී ඇති බවයි.

