කොටි හිංසනය ගැන පිල්ලේට වාකරෙන් පැමිණිලි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ නැගෙනහිරදී රජයේ හා හමුදා නිලධරයන් හමුවීමට අමතරව රජයේ ආරක්ෂකයන් නොමැතිව කිලිවෙඩ්ඩි අනාථ කඳවුරට හා නාවල්අඩි ගමට ගියාය.

කොමසාරිස්තුමියගේ උපදේශක රෝරි මුද්දවන් වාකරේහිදී පැවසුවේ සියලු අවි ගත් කණ්ඩායම්වලින් සිදුවූ හිංසනයන් සොයා බලා සාධාරණය ඉෂඨ කිරීම එක්සත් ජාතික සංවිධානයේ අරමුණ බවයි.

ඔහු එසේ කීවේ දෙමළ ජනයාගෙන් පෙත්සම් රැසක් පිළිගනිමිනි. එම පෙත්සම් වැඩිහරියකින් කියැවුණේ කොටි සංවිධානයෙන් තමනට හිරිහැර වූ බවයි. අතුරුදන් කිරීම් හා ඝාතන රැසකට කොටි සංවිධානයේ එදා සිටි නැගෙනහිර නායකයකු සම්බන්ධ බව ඔවුහු කීහ.