(පේරාදෙණිය සෙනරත් බණ්ඩාර)
ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සතෙකු වන දුර්ලභ ගනයේ කොටියෙකු මරා සතාගේ සම අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාව් කොස්ඉන්න ප්‍රදේශයේ අයෙක් 25 දින පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කොට්ටාස භාර බුද්ධි අංශයේ තොරතුරු මත පේරාදෙණිය පොලිසිය මගින් මෙම වැටලීම කර ඇති අතර දිග මීටර් දෙකක් පමණ සහ පළල සෙන්ටිමීටර් 60 ක් පමණ පළල මෙම දුර්ලභ ගනයේ කොටි හම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පේරාදෙණිය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


