(උපාලි ආනන්ද)
කොටි සංවිධානයේ සාමාජිකයකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබා දී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරිණ.
නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් අභියාචානාධිකරණයට මෙම ඇපෑල ඉදිරිපත් කර ඇත්තේ කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබලයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් නොහොත් ‘පුලවන්‘ නැමැති විත්තිකරු විසිනි.
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කළ බවට පිළිගනිමින් කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබල සාමාජිකයකු මෙම පාපොච්චාරණය කර තිබිණි.
එම පාපොච්චාරණය නිත්‍යානූකුලද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සදහා දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි.
එම ප්‍රහාරයෙන් එම යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනකු මිය ගිය බව කියැවිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලබා දැනට රිමාන්ඩි කර සිටින කොටි මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබලයින් දෙදෙනා ලබන මේ මස 25 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණ.

