කොටි තිදෙනාට නඩු
කොළඹ කොල්ලූපිටියේදී 2006 වසරේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඝාතනය කිරීමට තැත් කිරීම හා හමුදා භටයන් හත් දෙනකු මරා දැමීයැයි සැකපිට ත‍්‍රස්තවාදීන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පැවැරිණි.
යෝගරාජා නිරෝධන් හෙවත් ස්ටාර් සුබ‍්‍රමනියම් සුබේන්ද්‍රරාජා හෙවත් කරන් හා කනකරත්නම් අදීෂියන් හෙවත් ගිරි හෙවත් රන්ජන් එම තිදෙනා ඇන්ටන් නම් වූ මරාගෙන මැරෙන බෝම්බකරු සමග මහකොමසාරිස් ඝාතනය කිරීමට තැත් කළැයිද සෙසු අය ඝාතනය කළැයිද චෝදනා ලබා සිටිති.
විභාගය නොවැම්බර් 28 වැනිදාට කල්තැබිණි.

