කොටි කොඩි පෙන්නා ලන්ඩන් නීති කඩති


කොටි සංවිධානයට හිතවත් කණ්ඩායමක් ලන්ඩනයේ ට්‍රැපල්ගා චතුරස්‍රයේ දී කොටි කොඩි ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි ක්‍රියාවකියි ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ලන්ඩන් පොලිසිට පාර්ලිමේන්තුට හා නිලධරයනට පැමිණිලි කළහ.  ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කොටි සංවිධානය මහා බ්‍රිතාන්‍යයයේ තහනම් කැර ඇත. ලන්ඩනයේ කිසිම මාධ්‍යයක් මේ සිද්ධිය වාර්තා කළේ නැත. එහෙත් දෙමළ වෙබ් අඩවියක් පින්තූර කිහිපයක් පළ කෙළේය. මේ රැලියට කොටි හිතවතුන් 300කට වඩා නොපැමිණි බව ද කියති.