කොටි කත ජනපති ඝාතනයට කෝටි හතක් ඉල්ලලා


කොළඹ කොල්ලුපිටියේ මිහිදු මාවතේ රාජ්‍ය නොවන කාර්ලායලයක් විවෘත කිරීමට ජනාධිපති පැමිණිවිට ඝාතනය කිරීමට හැකි බව පවසමින් ඒ සඳහා රුපියල් කෝටි හතක් අවශ්‍ය බව කොටි සංවිධානයේ තිදෙනෙකුට පැවසීයැයි රාසලිංගම් මධනී නම් කොටි සැකකාරියක පාපොච්චාරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජසිංහ කෑගල්ල පළාත් බද මහාධිකරණයේදී සාක්කිදෙමින් අද ප්‍රකාශ කළේය. 2007.12.21 හා 2008.2.6 අතර කාලයේදී ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කෑගල්ලේදී ඝාතනය කිරීම සඳහා තැත්කළැයි යාපනය තින්නවේලියේ රාසලිංගම් තාමරේ මදනි හෙවත් ගුණ්ඩු මධනිට එරෙහිව මේ නඩුව පවරා ඇත. ජනාධිපති ඝාතනය සඳහා රුපියල් කෝටි හතක් වැඩි බවත්, රඹුක්වැල්ල ඝාතනයට රුපියල් ලක්ෂ 20ක් අවශ්‍ය බවත් ඇය සිය පාපොච්චාරණයේදී කියා ඇතැයි ගජසිංහ මහතා සිය සාක්කියේදී ප්‍රකාශ කළේය. මාහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය වැඩිදුර විභාගය ලබන 19 වැනිදාට කල් තැබුවාය.