පසුගිය 11 වැනි දා කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ සේයා දැරිය කෙලෙසා මරා දැමී යැයි කියන සිද්ධිය නිසා අද (24) යළිත් එම ප්‍රදේශය උණුසුම් විය. තෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ සැකකරුවන් අකරන්ගහ ප්‍රදේශයට ගෙන එතියි යැයි පැතිර ගිය කථාවත් සමඟ ගැමියෝ විශාල පිරිසක් එහි රැස් වුහ. අද (24) දහවල් සිට රෑ බෝ වනතුරු ඔවුන් රැස්ව සිටියහ. පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.
මේ අතර තෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ කොටදෙණියාව අතිරේක පොලිස් බල ඇණි කැඳවිණි. එහි නිවාස කිහිපයකට ද දැඩි ආරක්ෂාවක් සපයා ඇත.
(ජායාරූප - තරිදු ජයවර්ධන)








