කොටකෙතන ඝාතන ඔත්තුවට ලක්ෂ දහයක් තෑගි


කහවත්ත කොටකෙතනදී එල් ඒ ප්‍රේමවතී (63) සහ ඇගේ දියණිය එච් පී පුෂ්ප කුමාරි (33) ජූලි මස 19 වැනිදා මරා පිළිස්සූ අපරාධකරුවන් සොයාගැනීමට තොරතුරක් දෙන කෙනෙකුට රුපියල් දස ලක්ෂයක පරිත්‍යාගයක් පරිනමන බව පොලීසිය කියයි. තොරතුරු සපයන අයගේ නම් හෙළි නොකරන බවද පොලීසිය කියයි. තොරතුරු පහත දුරකතන අංකවලට ලබා දිය හැකිය. 077 3350556, 077 7425960, 011 2422176, 011 2320141