නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුනි 10) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරු වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 56 .5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය, පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට සූදානම් කර තිබේ.
ජුනි 02 වන මාරවිල පොලිසීයේ සහය ඇතිව කල වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග ක් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.




