(නිමල කොඩිතුවක්කු)
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 201 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මැදවච්චිය මන්නාරම මාර්ගයේ පෙරියකට්ටු ප්‍රදේශයේදී අද(01) අත්අඩංගුවට ගෙන තිබේ.
පරයානකුලම් පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක්මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙම ලොරි රථය ඇලුමිනියම් තහඩුවලින් ආවරණය කර ඇති අතර එම ලොරියේ ඇතුළත ඉදිරි කොටසේ පියනක් ගැලවීමට හැකිවන සේ ස්කුරුප්පු ඇණ යොදා සකස් කරන ලද රහස් කුටියක පාර්සල් 87ක් ලෙස ගෝනි හතරක බහා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 22 ක් වූ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෙට (02) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

