(නාලක සංජීව දහනායක)
නාගරික කැලිකසලවලින් නිපදවන කාබනික පෙහොරවල ප‍්‍රමිතිය විද්‍යාත්මක විමර්ශනයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයට අද (30) උපදෙස් දුන්නේය.
නාගරික කසල වලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩ්මියම් ඇතුළු බැර ලෝහ ප‍්‍රතිශතය ඉතාම ඉහළ මට්ටමක පවතින බවට විවිධ පාර්ශව විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට කරුණු වාර්තාකර තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
කාබනික පොහොරවල කැඩ්මියම් ඇතුළු බැර ලෝහ ප‍්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම මහජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවද අමාත්‍යවරයා පැවසීය.
පොහොර බෙදාහැරීම පිළිබඳ සමාලෝචන කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (30) පැවැති සාකච්ඡාවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

