කූඩ නැතිව එළවළු ගෙනා ලොරි නවයකට දඩ
ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර එළවළු ප්‍රවාහනය කළ ලොරි නවයකට අද (13) මාලිගාකන්ද අධිකරණය රුපියල් 7500 බැඟින් දඩ නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර පිටපළාත්වල සිට කොළඹට එළවළු ප්‍රවානහය කරමින් තිබූ මෙම ලොරි 9 අද (13) අලුයම පෑලියගොඩ පාලම අසල දී සෝදිසි කර නඩු පැවැරූ බව අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කියයි.

