කුළුනු තුනේ ගැටුමෙන් රට පල්ලමට


ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිතරණයේ ගැටුම් හේතුවෙන් අවාසනාවන්ත ලෙස රට ප්‍රපාතයට වැටෙන ලකුණු පහළ වී ඇතැයි යහ පාලනය හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහකා පවසයි.

කාපට් අතුරා සංවර්ධනය කැරුණු හොරණ බොරළුගොඩ මඟුරුවෙල මාර්ගය විවෘත කරමින් වික්‍රමනායක මහතා එසේ පැවසුවේය.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල රුපියල් දෙකෝටියකි.

‘අද මේ වෙලාවේ ලංකාවේ සතුටු වෙන්න බැරි තත්ත්වයක් උදාවීගෙන යනවා. ලංකා ව්‍යවස්ථාව රඳා පවතින්නේ කුළුනු තුනක් උඩ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයයි. මේ කුළුණු තන එක සමානව වැඩ කළ යුතුයි. අවබෝධයෙන් වැඩ කළ යුතුයි.

නැති නම් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවාත ඒ ගැටුම් ඇති වූ විට එහි පල විපාක ඇති වන්නේ සමාජයටයි. රට පස්සට යනවාත සංවර්ධන සැලැස්මවල් පස්සට යනවා. මම කියන්නේ නැහැ කවුරුත් හරියි වැරදියි කියා. නමුත් අවාසනාවන්ත ලෙස රට ඉතා ප්‍රපාතයට වැටෙන ලකුණු පෙනෙනවා. මේකෙන් කොහොමද අපි බේරෙන්නේ, මා ගාව නම් විසඳුම් නෑ.‘