ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මේ මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින සහ තරග දෙකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ප‍්‍රවේගකාරි යොවුන් පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව සිටී.
අජන්ත මෙන්ඩිස් අබාධය සුවවීමෙන් අනතුරුව නැවතත් සංචිතයට ඇතුළත්ව සිටී.
දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 11 වැනිදා මෙල්බන්හිදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, රංගන හේරත්, කුසල් ජනිත් සහ ශාමින්ද එරංග


