කුස පබා ඉතාලි යයි


පන්සිය පනස් ජාතක කතා පොත ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණයෙනුත් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනයෙනුත් හැඩ ගැන්නූ කුස පබා සිංහල චිත‍්‍රපටය 20වැනි ඉරිදා ඉතාලියේ පාදෝවා නගරයේදී ප‍්‍රදර්ශනය කෙර්. පාදෝවා ලූක්ස් සිනමා ශාලාවේදී සවස දෙකට ප‍්‍රදර්ශනය ආරම්භ වන බවත් මෙමගින් ලැබෙන මුදල් මව්බිමේ ප‍්‍රජා සත්කාරයක් වෙනුවෙන් යොදන බවත් සංවිධායකයෝ කියති.