(ටී.කේ.ජී.කපිල )
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි .
ඔවුන් තමන් සේවය කළ නිවෙස් වලදී සිදුවන මෙම හිරිහැර , කරදර තවදුරටත් ඉවසා දරා ගෙන සිටීමට නොහැකි විට , ඔවුන් එම නිවෙස් වලින් පලා යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබුණි .
පසුව ඔවුන් තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට , මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .
මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි .
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකාරිනියන් වූ මෙම පිරිස , අද 04 දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්වයෙන් පසු වූ අතර , ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී , පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත රැගෙන ගොස් තිබුණි .


