කුලසේකරට ඉන්දීය තරග අහිමිවෙයි


ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර, ඉන්දීය පිලට එරෙහිව ඊයේ (21) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වී නිසා එම තරගාවලියේ ඉතිරි තරගවලට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ. මිඞ් ඕෆ් ස්ථානයේ පන්දු රකිමින් සිටි කුලසේකර, විරේන්ද්‍ර සෙවැග්ගේ උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඉකිලියේ ආබාධයකට ලක්ව තිබේ. සෙවැග් ඒ වන විට ලකුණු 24 ක් ලබා සිටි අතර එම උඩපන්දුව තෙවැනි විනිසුරුට යොමු කළ අතර දැවී නොගිය බවට තීරණය කළේය.