කුලසේකරගේ ස්ථානයට ප‍්‍රදීප් එයි


ඉන්දීය පිලට එරෙහිව සූරියවැවදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකරගේ ස්ථානයට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ නුවන් ප‍්‍රදීප් ඇතුළත්කර ඇති බව වාර්තා වේ. දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි නුවන් ප‍්‍රදීප් ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ. ප‍්‍රදීප් කොළඹදී සංචිතයට එකතුවීමට නියමිතය.