කුරූණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
පාසලේ ශිෂ්‍යාවක වන වෙනුෂා ඉමන්දි බණ්ඩාර ෆේස්බුක් වෙබ් අඩවියේ පාසල් නිල ඇඳුමෙන් පෙනී සිටි ඡායාරූපයක් නිසා විදුහල්පතිගේ තරවටුවෙන් පසුව සියදිවි නසා ගත්තැයි කියන සිද්ධියත් ඇය විසින් ලියන ලදැයි කියන ලිපියකුත් සම්බව්ධයෙන් පරීක්ෂණ පැවැත්වු ළමා හා කාන්තා කාර්යාංශය විදුහල්පති අධිකරණයට ඉදිරිපත් කළේය.
දෙපාර්ශවය වෙනුවෙන්ම නීතීඥවරු පෙනී සිටියහ.
දැරියගේ ලිපිය සම්බන්ධයෙන් විදුහල්පති අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව විදුහල්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියහ.
පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස විදුහල්පතිට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් එසේ වුවහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කිරීමට සිදු වෙතියි ප්‍රකාශ කළේය.මාර්තු තුන්වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කැරිණී.
විදුහල්පතිට පක්ෂව හා විපක්ෂව කුරුණෑගල අදත් උද්ඝෝෂණ පැවැත්විණි.
(විදුහල්පතිට පක්ෂ වු පිරිස උද්ඝෝෂණයේ නියැලෙන අයුරු)
(විදුහල්පතිවරයාට විපක්ෂ පිරිස උද්ඝෝෂණයේ නියැලෙන අයුරු)

