(බිඟුන් මේනක ගමගේ )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා පක්ෂග්‍රාහී හා අගතිගාමී ලෙස මැතිවරණ ප්‍රචාරණයෙහි නිරත වන බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
ආයතන සංග්‍රහය අනුව රෝහල් අධ්‍යක්ෂවරයා දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකු වුවද එක් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරමින් කටයුතු කරන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කළ එම පැමිණිල්ලේ සඳහන් වේ.
වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා මහමැතිවරණයේදී නාමයෝජනා ලබාගැනීමේ අරමුණෙන් විවිධ රැස්වීම් පවත්වා ඇතැයි ද එහි ප්‍රචාරණ කටයුතු සඳහා තම මුහුණු පොත භාවිත කර ඇතැයි ද එහි සඳහන් වේ.
ඒ අනුව ආයතන සංග්‍රහයේ 1.1, 1.2.3 හා 1.3 උපවගන්ති උල්ලංඝණය වන අයුරින් වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා ක්‍රියා කර ඇතැයි ද එම සංවිධානය චෝදනා කරයි.
වීරබණ්ඩාර මහතා ප්‍රචාරණ කටයුතු සිදුකළ බවට සාක්ෂි හැටියට ඔහුගේ මුහුණු පොතේ සටහන් හා ඡායාරූප ද සිය පැමිණිල්ල සමග මැතිවරණ කොමිසමට යොමු කිරීමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

