පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුනරත්නම් සිකුරාදා (30) යළි ආගමන විගමන කාර්යාලයට කැඳවා ඇත.
ඔහු එසේ කැඳවනුයේ තෙවැනි දිනට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
ආගමන විගමන නීතී කඩ කළැයි සිද්ධියක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට සිදු වෙතියි දන්වා ඇතැයිස පුබුදු ජාගෙඩ මහතා පැවසීය.
කුමාර ගුනරත්නම් වෙනත් නමකින් ඕස්ට්‍රේලියාවට ගිය බවට මින් පෙර කියා තිබිණි.
ජනපතිවරණයේදී ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.
සිය කැමැත්තෙන් රටට ආ පක්ෂ නායකයකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට යාමට එරෙහිව සංවිධානය වන්නැයි ජා ගොඩ මහතා වෙනත් සංවිධාන වලින් ඉල්ලීමක්ද කරයි.

