කුණු සුදුලූනු කන්ටේනරයක් දඹුල්ලෙන් අල්ලයි


නරක් වූ සුදුලූනු කන්ටේනරයක් කොළඹ සිට දඹුල්ලට ගෙන ගොස් එහි පෞද්ගලික ගබඩාවකදී සුද්ධ කරමින් සිටියදී ‍සොයාගත් පාරිභෝගික අධිකාරයේ මාතලේ නිලධරයෝ එම ගබඩාවට ශීල් තැබූහ. කිලෝ 41000ක නරක්වූ සුදු ලූනු එහි තිබූ බවත්, නරක් වන්නට ප්‍රථම එහි වටිනාකම රුපියල් ලක්ෂ 35ක් බවත් පාරිභෝගික අධිකාරිය කියයි. මෙවැනි කන්ටේනර් තුනක් කොළමින් පිටවී ඇති බවත්, ඒවා සොයන බවත් එහි නිලධරයෝ කියති.